වීසිදැල චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් අනුෂා සොනාලි සිය ජීවන රඟමඬල නිමාවට පත් කරමින් අවසන් ගමනට ගියාය.
වීසිදැල චිත්‍රපටයෙන් නොනැවතුණූ ඇය තවත් ආන්දෝලනාත්මක චරිත ගණනාවකින් රිදී තිරය ආක්‍රමණය කරන්නට සමත්කම් දැක්වුවාය.
නමුත් කාලයත් සමඟ ඇය පුතෙකු සමඟ තනිවූ යකඩ ගැහැනියක් බවට පත්විය.
සිය පුත්‍රයාට අසීමිතව ආදරය කළ ඇය මුණුපුරාගේ මුහුණු පොඩ්ඩත් යන්තමින් දැක නොඑන ගමන් ගියේ නොසිතූ මොහොතකදීයි.
ඇය මාධ්‍ය ඉදිරියේ වැඩිපුර පෙනී සිටි අයෙකු නොවුණු අතර, සමාජ මාධ්‍ය තුළ සක්‍රීය චරිතයක් විය.
කෙසේ වුවත්, ඇය අවසන් වරට රංගන ශිල්පී සුදත්ත තිලකසිරි සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් හෙළිකලාය.
පහතින් ඇත්තේ එම සාකච්ඡාවෙන් උපුටා ගත් කොටසකි..
ඒ තරම් ලස්සනක් තිබ්බ පට්ට සෙක්සි කෑල්ලක් ඔයා ඒ දවස්වල..? ඒ කාලේ ඔයාට ඒ ෆිල්ම් එකේකෙනෙක් අයුතු යෝජනාවක් කෙරුවලූ...? ඔයාගේ රෙද්ද කඩා දාපු කෙනෙක්...? (වීසිදැල ෆිල්ම් ඒකේ.) ඒක ඇත්තද නැද්ද ?
ෂූටින් කරන අතරතුර වෙච්ච පොඩි සිදුවීමක්. හොඳ ගරු කරන රංගන ශිල්පියෙක්. ඔක්කොම එකතු වෙලා බයිට් කරගෙන ගියා. මට විතරක් නෙවෙයි.. ඇත්තටම පොඩි සිදුවීමක් වුණා. මං ගැන වැරදි වැටහීමක ඉන්නෙ. මාව පොළඹවා ගන්න එපා කියලා මම කිව්වා එයාට.
ආදරේ ගැන?
මම ආදරේ කරලා තියෙනවා. ඒ පුද්ගලයෝ පෙරළා මට ලබා දීලා තියෙන්නෙ මම බලාපොරොත්තු වෙච්ච ආදරයක් නෙවෙයි.
රූපෙටයි ඇඟටයි තමයි එයාලා ආදරේ කළේ. මම බලාපොරොත්තු වුණේ ආදරයක්. පියෙක්ගේ, සහෝදරයෙක්ගේ ආදරේ....
අන්තිමට මම දරුවෙකුත් එක්ක තනිවුණා. දරුවා පිළිසිඳ ගත්තට පස්සෙ දරුවා නැතිකරන්න කියලා කිව්වා. මම ඒකට එකඟ වුණේ නෑ.
ඒකෙන් මම තෝරගත්තෙ මට දරුවා ඕනි කියන එක. ගොඩක් අය කිව්වා අපරාදේ කියලා. මම ඒකට පසුතැවිලි වෙන් නෑ.
මම සන්තෝස වෙනවා ඒ ගැන. ලංකාවේ ඉන්න හොඳම ඉස්කොලෙකට දැම්මා පුතාව. අම්මාගෙන් තාත්තගෙන් ලැබෙන්න ඕනි ආදරේ දුන්නා. දරුවා හිටියේ නැත්තම් මම තනිවෙයි.
සමහර නිළියොන්ට අද කාඩ් වැදිලා තියෙනවානේ...? මහන්සි වෙනවට වැඩිය හාන්සි වෙලා ගත්තාකියලා...? ඔයා ඒකට දෙන උත්තරේ..
ඔව් ඉතින්.. ආදරේ කරලා හාන්සි වෙලා තියෙනවා. මුදලට හාන්සි වෙලා නෑ. මම ඇත්තටම ගමෙන් ආපු කෙනෙක්.
මට සමාජ දැනුමක් තිබුණේ නෑ. එතනදී මාව එක එක දේට යොමු වෙද්දි මම දැනන් හිටියේ නෑ. ෆීල්ඩ් එකේම ගොඩක් අය දන්නවා මාව ඒ තැනට පත් කළේ කවුද කියලා.
අපේ අතිදක්ෂ ශ්‍රේෂ්ඨ අග්‍ර ගණ්‍ය විචාරක, ගීත රචක (තියෙන ඔක්කොම ටයට්ල් තියෙනවා.) අද නම් බෝධිසත්වයෝ වගේ ඉන්නවා.
එයා තමයි ඇත්තටම මාව කෙනෙක්ට අඳුන්වලා දුන්නා. ව්‍යාපාරිකයෙකුට. මම එයාට ආදරේ කළා.
නමුත්.. මම ගිය දේවල් ගැන පිටු පෙරළන්න කැමති නෑ...! ඒ නිසා කාගෙවත් නම් නොකියා ඉන්නම්...
ඇය අවසන් වරට කළ ලයිව් වීඩියෝව පහතින් බලන්න..
0 Comments