සුපිරි බොලිවුඩ් නිළි ජැකලින්ගේ කෝටි 7ක වත්කම් අත්හිටුවයි


 

ශ්‍රී ලංකා සම්භවයක් සහිත සුපිරි ඉන්දීය නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.27ක වත්කම් අත්හිටුවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම අත්හිටවනු ලැබූ වත්කම් වලට ඉන්දීය රුපියල් කෝටි 7.12ක ස්ථාවර තැන්පතුවක්ද අයත්ය.

ජැක්ලින්ගේ හිතවතෙකු වූ සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව සිදුකරන ලද ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මෙලෙස වත්කම් අත්හිටුවා ඇත.

සිද්ධියට අදාල මුදල්වලින් කොටසක් ජැක්ලින්ගේ නමට තැන්පත් කර ඇතැයි විමර්ශනවලදි හෙළි වූ කරුණු මත මෙලෙස වත්කම් අත්හිටුවා ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

Post a Comment

0 Comments