නියෝජ්‍ය කථානායකවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේ දී වත්මන් ආණ්ඩුවට බහුතර බලයක් නොමැති බව තහවුරු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
රන්ජිත් සියඹලාපිටිය මහතාට නියෝජ්‍ය කථානායක ධුර ලබාගැනීම සඳහා ඡන්ද 148ක් ලැබී තිබු බවත් ඉන් ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිස 40 අයින් කළ විට 108 දක්වා ආණ්ඩුවේ මන්ත්‍රීන් ප්‍රමාණය පහළ බහින ඔහු ද පැවසීය.
ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත‍්‍රීන් තුන් දෙනාත්, ස්වාධීන වන බව පවසා ඇති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දහදෙනාද එක් වුවහොත් ආණ්ඩුවේ බලය මන්ත‍්‍රී ධුර 95 දක්වා පහළ බහින බව ද හෙතෙම සඳහන් කළේය.
විපක්ෂය මේ සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු කළා නම් ආණ්ඩුවට විරුද්ධව ඡන්ද 121ක් ලබා ගැනීමේ හැකියාව තිබූ බව ද ඔහු තව දුරටත් පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.
0 Comments