තමන් සහ තම පවුලේ සාමාජිකයන් ඉන්දියාවට ගෙන ගොස් ආරක්ෂාව ලබා දෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.
මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් නිසි ආරක්ෂාවක් සපයා නැති බවත් පවසන ඔහු දැනට ඇති ආරක්ෂාව ගැන තමා කිසිසේත්ම සෑහීමට පත් නොවන බවද සදහන් කරයි.
මේ හේතුවෙන් දැනටත් මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් සිටින්නේ විවිධ ස්ථාන වල සැඟවී බවද ඔහු කියා සිටී.
විසිඑක් වන සංශෝධනයට සහාය නොදුනහොත් ගමට පැමිණෙන්නට නොහැකි වනු ඇතැයි ඕමල්පේ සෝභිත හිමියන් කළ ප්‍රකාශය මගින් ප්‍රචණ්ඩත්වයට ආරාධනා කර ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.
තමන් ඉතා දුක් මහන්සියෙන් උපයා ගත් සියලු දේපොළ මිලේච්ඡයන් පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර ඇති බවත් පැවසූ ඔහු තමන් අද මේ රට තුළ යන එන මං නැති පුද්ගලයකු බවට පත්වී සිටින බවද තවදුරටත් කියා සිටියේය.
0 Comments