බ්‍රිතාන්‍ය අගමැතිගෙන් රනිල්ට ‌පොරොන්දුවක්

 


ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම සඳහා සහය දෙන බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට පවසා තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සමග දුරකතනය ඔස්සේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපනයන ප්‍රමුඛ කර ගත් ආර්ථිකයක් බවට පත් කිරීමටත්, දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහාත් සහය දීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සහතික වී තිබේ.



Post a Comment

0 Comments