මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායක හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මේ වන විට මෙරට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ අයට මාලදිවයින් වෙත පැමිණීම සඳහා ආරක්ෂිත මාර්ගයක් සකස් කරමින් සිටින බව වාර්තා වී ඇතැයි The Maldives Journal වාර්තා කරයි.
අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ, නෂීඩ් මේ වන විට මෙරටට පැමිණ දේශපාලන පක්ෂ ප්‍රධානීන් හමු වන බව ය.
ඔහු පසුගිය සතියේ මෙරටට පැමිණ ඇති අතර, ක්ෂේත්රයේ කිසිදු අත්දැකීමක් නොමැති වුව ද ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර සහන කටයුතු සම්බන්ධීකරණය කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇතැයි The Maldives Journal සිය වාර්තාව මගින් අවධාරණ කර ඇත.
පසුගිය දින කිහිපය තුළ නෂීඩ් මෙරට ඉහළ පෙළේ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිහිපයක් පවත්වා රාජපක්ෂ පවුලට මාලදිවයින් කරා පැමිණීමට ආරක්ෂිත මාර්ගයක් සකස් කර දෙන ලෙස බලපෑම් කර ඇතැයි ද එහි සඳහන් කර තිබේ.
ඉල්ලා අස්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා නෂීඩ්ට දුරකතනය හරහා කතා කළ බව මාලදිවයින් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු TMJ වෙත ප්‍රකාශ කර ඇතැයි අදාළ මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ තත්ත්වය සමනය වන තුරු තම පවුලට මාලදිවයින්හි රැඳී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙස එහිදී මහින්ද රාජපක්ෂ මහතා නෂීඩ්ගෙන් ඉල්ලා ඇතැයි TMJ සිය වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
එම වාර්තාව සඳහන් කරන්නේ, මාලදිවයිනේ ප්‍රබල සංචාරක ව්‍යාපාරිකයෙකු වන චම්පා මුහම්මද් මූසාට අයත් දේපළක සිය පවුල පදිංචි කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට මුලදී සැලසුමක් තිබුණු බව ය.
මූසා රාජපක්ෂවරුන් සමග සමීප සබඳතා පවත්වන බව දන්නා කරුණක් බව TMJ සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, මූසා විශ්වාස කළ නොහැකි චරිතයක් බව පවසමින් නෂීඩ් එම අදහස ප්‍රතික්ෂේප කර ඇතැයි TMJ වාර්තා කර තිබේ.
විකල්පයක් ලෙස, ඉන්දියාවේ සෝනු ශිව්දාසානි සතු දේපළක් වන සොනෙවා ෆුෂිහි පෞද්ගලික නිවසක් (රාජපක්ෂ පවුලට මිල දී ගැනීමට) නෂීඩ් යෝජනා කර ඇතැයි අදාළ වාර්තාව මගින් TMJ සඳහන් කර ඇත.
එම වාර්තා පෙන්වා දෙන්නේ, ශිව්දාසනි ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) සමග සමීප සබඳතා පවත්වන බව ය.
ඒ අනුව, සෝනු ශිව්දාසනි රාජපක්ෂ පවුල සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 12කට පෞද්ගලික නිවසක් (private villa) විකිණීමට එකඟ වී ඇති බව මූලාශ්‍ය වාර්තා කළේ යැයි TMJ වාර්තා කර තිබේ.
අමෙරිකානු ඩොලර් මිලියන 3ක මුදලකට අතිරේක නිවසක් ද ගනුදෙනුවට ඇතුළත් කර ඇති අතර, එය රාජපක්ෂ පවුලේ කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ භාවිතය සඳහා බව එම වාර්තාව තවදුරට ත් සඳහන් කර ඇත.
TMJ වාර්තා කළේ, වර්ග අඩි 24,000කින් යුත් කාමර හයකින් යුත් නිවසක් මිල දී ගැනීමට රාජපක්ෂ පවුල සැලසුම් කර ඇති බව තමන්ට තහවුරු කළ හැකි බව ය.
එහි වැඩිහිටියන් 12 දෙනෙකුට සහ ළමුන් 6 දෙනෙකුට සුවපහසු ලෙස නවාතැන් ගත හැකි බව ත් පෞද්ගලික තටාකයක්, ව්‍යායාම් ශාලාවක් සහ වෙනත් පහසුකම්වලින් සමන්විත බව එම වාර්තාව පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායක හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ප්‍රකාශ කර ඇත්තේ, The Maldives Journal වාර්තාව සම්පූර්ණයෙන් ම ගොතන ලද්දක් බව ය.
ඔවුන්ගේ බොරු හරහා, එය පිටුපස සිටින පුද්ගලයින් ජනමාධ්‍ය වෘත්තියට බරපතළ හානියක් සිදු කරන බව ඔහු සඳහන් කර තිබේ.
The story in Maldives Journal, a blog in the Maldives, is a complete fabrication. Through their lies, the people behind it do a grave disservice to the profession of journalism. https://t.co/WaDjvcR0S8
— Mohamed Nasheed (@MohamedNasheed) May 24, 2022
මාලදිවයින් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය ද මෙම වාර්තාව ප්‍රතික්ෂේප කර ඇති අතර එම කාර්යාලය සඳහන් කරන්නේ නෂීඩ්ගේ භූමිකාව ‘සහය ලබා දීම පමණක් සීමා වූවක් බව ත් වෙනත් කිසිවක් නොමැති බව ත්’ ය.
The Speaker's role in Sri Lanka is limited to seeking assistance - nothing more. He will continue to try his best to attract financial assistance for Sri Lanka. Sri Lanka's internal matters are for the Sri Lankan people to settle. https://t.co/H2ASHIgWdL
— People's Majlis (@mvpeoplesmajlis) May 24, 2022
අදාළ වාර්තාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
ඔහු එමගින් සඳහන් කර ඇත්තේ, තම පියාට ශ්‍රී ලංකාව හැර යාමට අදහසක් නොමැති බව ත් මාලදිවයින් වෙත යාමේ හෝ එහි නිවසක් මිල දී ගැනීමේ සැලසුමක් ඇති බවට පළ කර ඇති වාර්තාවේ සත්‍යතාවක් නොමැති බව ත් ය.
නැවත වරක් මාධ්‍ය විසින් ශ්‍රී ලංකාවේ මෙන් ම මාලදිවයින් පාඨකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා දේවල් සංවේදීව ඉදිරිපත් කර ඇති බව ඔහු එහි සඳහන් කර ඇත.
Once again the media is sensationalizing things just to attract more readers,this time the #MDV audience as well as the #LKA ones. My father has no intention of leaving #LKA & there is no truth of any plans of him moving to #MDV or buying any villa there.
— Namal Rajapaksa (@RajapaksaNamal) May 24, 2022
කෙසේ වෙතත්, මාලදිවයින් වෙත යාමට සැලසුමක් නොතිබුණේ නම්, නෂීඩ් වෙත විදෙස් ගමන් බලපත්‍රවල පිටපත් ලබා දුන්නේ ඇයි දැයි? ඊට ප්‍රතිචාර දක්වමින් TMJ මාධ්‍යවේදියෙකු වන අහමඩ් අසාන් නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර තිබේ.
එය ප්‍රතික්ෂේප කරමින් නාමල් රාජපක්ෂ මහතා පිළිතුරු දී ඇත්තේ, එවැනි දෙයක් සිදු නොවූ බවට තමන් සහතික කරන බව ය.Once again the media is sensationalizing things just to attract more readers,this time the #MDV audience as well as the #LKA ones. My father has no intention of leaving #LKA & there is no truth of any plans of him moving to #MDV or buying any villa there.
— Namal Rajapaksa (@RajapaksaNamal) May 24, 2022
ඊට නැවතත් ප්‍රතිචාර දක්වමින් අහමඩ් අසාන් නාමල් රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් බලපත්‍රයේ පිටපත් ඉදිරිපත් කරමින් නැවතත් සිය ප්රශ්නය යොමු කර ඇත.Once again the media is sensationalizing things just to attract more readers,this time the #MDV audience as well as the #LKA ones. My father has no intention of leaving #LKA & there is no truth of any plans of him moving to #MDV or buying any villa there.
— Namal Rajapaksa (@RajapaksaNamal) May 24, 2022
If there is no truth, then can you explain why you sent copies of your family's passports to @MohamedNasheed which were then shared with govt officials? @Jamz5251 @munza14 @roelraymond
— Ahmed Azaan (@axanner) May 24, 2022
“මම කිසිදු අවස්ථාවක මාලදිවයින් බලධාරියෙකුට මගේ විදෙස් ගමන් බලපත්‍රයේ පිටපතක් ලබා දුන්නේ නැහැ. මගේ විදෙස් ගමන් බලපත්‍රය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය භාරයේ තියෙන්නේ. මට විදෙස් ගමන් තහනමකුත් පනවලා තියෙන්නේ. මට රටින් යන්න අවශ්‍ය වුණා නම්, මට උදව් අවශ්‍ය වෙන්නේ ලංකාවේ බලධාරීන්ගේ මිසක් මාලදිවයින් බලධාරීන්ගේ නොවෙයි,” නාමල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දෙමින් සඳහන් කර තිබේ.
අනතුරුව අහමඩ් අසාන් නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ විදෙස් ගමන් බලපත්‍රයේ පිටපතක් පළ කරමින් ප්‍රශ්න කර ඇත්තේ, ඇයගේ සහ නාමල් රාජපක්ෂ මහතාගේ පුතුගේ විදෙස් ගමන් බලපත්‍රවල පිටපත් මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් නෂීඩ් සන්තකයේ තබා ගෙන සිටින්නේ ඇයි ද? යනුවෙනි.I assure u no such thing happened, its best u check ur sources.Friendships between the ppl of #MDV & #LKA has always been strong.I personally believe that it is in the best interest of that friendship that we keep domestic politics out. @MDVinSriLanka
— Namal Rajapaksa (@RajapaksaNamal) May 24, 2022
I never gave a copy of my PP to any MDV official. My PP is with the fort magistrate in CMB it is impounded & I am currently on a travel ban. If I were to travel I wud need the assistance of #LKA officials not #MDV! ☺️
— Namal Rajapaksa (@RajapaksaNamal) May 24, 2022
මේ සම්බන්ධයෙන් සෝනු ශිව්දාසනි ද ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇති අතර ඔහු ප්‍රකාශ කරන්නේ, TMJ වාර්තාව සම්පූර්ණයෙන් ම සාවද්‍ය බව ය.
The report today in the Maldivian blog @MaldivesJournal , which erroneously stated that Soneva has agreed to sell a private villa in the Maldives to the Rajapaksa family, among other claims, is completely false.
— Sonu Shivdasani (@SonuShivdasani) May 24, 2022

.webp)
0 Comments