මල්වතු මහා නා හිමිගෙන් තහංචියක්

තමන් වහන්සේව බැහැදැකීමට කිසිම දේශපාලඥයෙකුට අවසර ලබා නොදීමට මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් තීරණය කර තිබේ.

ජනපති, අගමැති හා පක්ෂ නායකයින් වෙත පසුගියදා ත්‍රෛනිකායික නායක ස්වාමීන් වහන්සේලාගේ පූර්ණ එකඟතාව මත පවතින අර්බුදයෙන් රට මුදවා ගැනීම පිණිස තාවකාලිකව සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීම ඇතුළු යෝජනා 6ක් ඇතුළත් ලියවිල්ලක් ඉදිරිපත් කළ අතර එම ලියවිල්ල ම්බන්ධයෙන් මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් උන්වහන්සේ මෙම තීරණය ගෙන තිබෙනවා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ව කැඳවා සාකච්ඡා කිරීමට ත්‍රෛනිකායික මහනායක හිමිවරු තීරණය කර ඇති බවද වාර්තා විය.

Post a Comment

0 Comments