ඉදිරි මාස කිහිපයේදී ලෝක බැංකුවෙන් ශ්රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700ක ලබාදෙන බවට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව ලෝක බැංකුව සඳහන් කරයි.
ලංකාවට තම මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුමක් සැලසුම් කරන්නේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කිරීමෙන් පසුව බවද ලෝක බැංකුව කියා සිටියි.
මේ වන විට පවතින තත්වයට යටතේ නිශ්චිත මුදල් ප්‍රමාණයක් සැපයීම පිළිබඳව කිසිඳු එකඟතාවයක් නැතැයි ලෝක බැංකුවේ අධ්‍යක්ෂ මහතා ෆරීස් එච්. හදාද් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
0 Comments