කැනඩාවෙන් යුක්රේනයට සහාය - කැනේඩියානු අගමැති යුක්රේනයට

 


කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ යුධමය වාතාවරණය මධ්‍යයේ යුක්රේනයට පැමිණ ඇත.වසාදැමුණු කියුව් හි කැනඩා තානාපති කාර්යාලය නැවතත් විවෘතකරන බවත් අඛණ්ඩව යුක්‍රේනය වෙත යුද ආධාර සපයන බවත් එහිදී ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ටෘඩෝ අනාවරණය කළේය.

ඒ අනුව කැනඩාවේ අපේක්ෂාව වන්නේ ඩ්‍රෝන කැමරා, චන්ද්‍රිකා ඡායාරූප ඇතුළු තවත් අවි ආයුධ සැපයීමයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ආරම්භ කළ යුද්ධය සම්බන්ධයෙන් වගවීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමේ වැදගත්කමත් ටෘඩෝ මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

අමෙරිකානු ජනාධිපති බිරිඳ ජිල් බයිඩන් මේ අතර හදිසියේ යුක්‍රේනය වෙත පැමිණ තිබුණි.එහිදී අවතැන් වූවන් රුඳීසිටින තාවකාලික කඳවුරක් තුළදී ඇය ජනාධිපති ආර්යා ඔලේනා සෙලෙන්ස්කා හමුවිය.

සිය සංචාරයේ අරමුණ අමෙරිකානු ජනතාව යුක්‍රේනියානු වැසියන් වෙනුවෙන් පෙනී සිටින බව තහවුරු කිරීම බව ජිල් බයිඩන් මෙහිදී ප්‍රකාශ කර ඇත.පසුගිය පෙබරවාරි 24 වනදා රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ආරම්භවීමෙන් පසු ජනපති බිරිඳ ඔලේනා ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව ද මෙය වෙයි.

මේ අතර යුක්‍රේනයේ චර්නහිව් හි සේවය කරමින් බෝම්බ නිෂ්ක්‍රිය අංශයට සහාය දෙමින් සිටි වඩාත් ප්‍රකට සේවා සුනඛයෙකු ඇගයීම ජනාධිපති සෙලෙන්ස්කි පසුගියදා කටයුතු කළේය.මේ අනුව ජාතිය වෙනුවෙන් කළ කැපවීම අගය කරමින් සුනඛයාට සහ ඔහුගේ හිමිකරුට රාජ්‍ය සම්මාන ලබාදීමට ජනාධිපති සෙලෙන්ස්කි කටයුතු කර ඇත.

Post a Comment

0 Comments