අමතර කොටස්වල පවතින හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් එම බලාගාරය අක්‍රීයවීමේ අවදානමක් මතුව ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලේකම් එරංග කුඩාහේවා කියා සිටියේය.
මෙම බලාගාරයේ දෙවන සහ තෙවන ජනන යන්ත්‍රයන්හි වාර්ෂික නඩත්තු කටයුතු වසර දෙකකින් පමණ සිදුකර නොමැති බවත් ලබන මාසයේදී එම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වුවත් අමතර කොටස්වල පවතින හිඟය හේතුවෙන් එය කිරීමට නොහැකි වී ඇති බව ඔහු අප කළ විමසුමකදී පැවසුවේය.
යම් බලාගාරයක විදුලි ජනන යන්ත්‍රවල හදිසි බිඳවැටීමක් සිදුවුවද එම බලාගාරය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය අමතර කොටස් ලංකා විදුලිබල මණ්ඩලය සතුව නොමැති බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.
ඇමරිකානු ඩොලර් මිලියන 43 ක වටිනාකමකින් යුත් අමතර කොටස් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දෙයි. විදේශ විනිමය අර්බුදය හමුවේ මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවත් මේ සම්බන්ධයෙන් සියලුම අංශ දැනුවත් කර ඇතත් තවමත් නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් හෙෙතම වැඩිදුරටත් පවසා සිටියේය.


0 Comments