ඉන්ධන අර්බුදය සහ බස් ගාස්තු ඉහළ යාමත් සමඟ දුම්රිය භාවිතයට ගන්නා මගීන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
කාර්යාල දුම්රියවල ගමන් ගන්නා මගීන් සංඛ්‍යාවේ 40%ක පමණ වර්ධනයක් දක්නට ලැබෙන අතර, ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසු ගතවූ දින 03 තුළ ප්‍රවේශ පත් අලෙවියෙන් ලැබූ ආදායමද 10% කින් ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.
බස් ගාස්තුවට සාපේක්ෂව දුම්රිය ප්‍රවේශ පත්‍රයක මිල අවම අගයක පැවතීම නිසා මුදල් ඉතිරි කර ගැනීමේ අරමුණින් බස් රථවල ගමන් ගත් මගීන් දුම්රියේ ගමන් ගැනීමට පෙළඹී ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සිදුකළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
එසේම දිවා කාලයේදී ප්‍රාදේශීය දුම්රියේ ගමන් කිරීමටද මගීන් විශාල වශයෙන් පැමිණෙන අතර දිනකට දුම්රිය ගමන්වාර 382ක් පමණ ධාවනය කළ යුතු නමුත් තවදුරටත් ධාවනය කෙරෙන්නේ දුම්රිය ගමන් වාර 250ක් පමණකි.
දුම්රිය රියදුරන් සහ නියාමකයන් හිඟ බැවින් රාත්‍රී තැපැල් සේවා දුම්රිය 02ක් පමණ ධාවනය කරන අතර 03ක් ධාවනයෙන් ඉවත් කර ඇත.
තදබදය අවම කර ගැනීමට නම් දැනට ධාවනය නොකරන දුම්රිය කඩිනමින් ධාවනයට එක් කළ යුතු බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ ප්‍රවේශ පත්‍ර ගාස්තුද ඉහළ දැමිය යුතු බව තම සංගමය පාලනාධිකාරියට යෝජනා කළ බව යි.


0 Comments