ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිලධාරීන් මට්ටමින් සාකච්ඡා මේ සතිය තුල ආරම්භ කිරීමට නියමිතයි.
මුදල් අමාත් අලි සබ්රි මහතා කියා සිටියේ මාස දෙකක් තුළ කෙරෙන සාකච්ඡාවන් ගෙන් අනතුරුව නිලධාරී මට්ටමෙන් මූලික එකඟතාවකට පැමිණීමට හැකි වනු ඇති බවයි.
මේ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිලධාරීන් පිරිසක් ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, මාර්ගගත ක්‍රමය ඔස්සේ ද ඇතැම් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡා මාස දෙකක් තුළ සාර්ථක ස්ථාවරයකට පැමිණීමට හැකි වනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා සිය විශ්වාසය පළ කළා.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල කමිටු අමතමිනි ඔහු සඳහන් කළේ ඒ සඳහා සර්ව මූල්‍ය ප්‍රතිපත්ති රාමු ස්ථාපිත කිරීමට කටයුතු ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින බවයි.
0 Comments