මන්ත්‍රීවරයෙකුගේ රියේ ගැටී පුද්ගලයෙකු මරුට

 

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගේ ජීප් රථය ගැටී පුද්ගලයකු මරණයට පත් වී තිබේ.

ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුවී ඇත්තේ පලාවිය කල්පිටිය මාර්ගයේ මාම්පුරිය ප්‍රදේශයේදීය.

මන්ත්‍රීවරයාද එම අනතුර සිදුවන අවස්ථාවේ රථයේ ගමන් කර ඇති අතර ඔහුගේ රියදුරා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ රියදුරුගේ නොසැලකිල්ල මත මෙම අනතුර සිදුව ඇති බවයි.


Post a Comment

0 Comments