පළාත් පාලන ඡන්දය කල් දැමීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බවත් එය ඉතා පැහැදිලි බවත් පළාත් සභා , ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා ඇත.
එමෙන්ම පාලනයට යළි කාරක සභා ක්‍රමය හඳුන්වා දිය යුතු බවත් එමගින් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ඉහළ නැන්විය යුතු බව ඔහු පවසා තිබේ.
අතීතයේ පැවති කාරක සභා ක්‍රමය වෙනුවට කැබිනට් ආණ්ඩු ක්‍රමය හඳුන්වා දීමෙන් වැදගත් අවස්ථාවලදී පවා ආණ්ඩුව හා විපක්ෂය එකඟතාවයෙන් ඡන්දය භාවිත කිරීම විරල කරුණක් වූ බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සදහන් කර ඇති බවට වාර්තා වී ඇත.
ඔහු මෙම අදහස් පළ කළේ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව එහි පැවති රැස්වීමකදීය.
“මම ඇමතිතුමා හැටියට කියනවා අපි බලාපොරොත්තු වෙන්නේ නෑ පළාත් පාලන ඡන්දය කල් දාන්න. ඒක ඉතා පැහැදිලියි.
ඒ නිසා පළාත් පාලනයේ මීළඟ ඡන්දයට ඉස්සෙල්ලා පුහුණ කළ හැකි හෝ මඟ පෙන්විය හැකි විශාල පිරිසකට ඒ මඟ පෙන්වීම කරන්න කියලා පළාත් පාලන ආයතනයේ අපේ ආචාර්යතුමාගෙන් ඉල්ලා සිටිනවා.
කාරක සභා ක්‍රමය ගැන යළිත් සාකච්ඡා වන කාලපරිච්ඡේදයක් මේක. පාර්ලිමේන්තුවෙත් කාරක සභා ක්‍රමය ගේන්න. මේ පළාත් පාලනයේ සභිකයන් අතර මොන මත තිබුණත් කාරක සභා ක්‍රමය හරහා තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ.
නිදහස් අධ්‍යාපන පනත නිසා ලංකාවේ දේශපාලන අර්බුදයක් ඇති වුණා . මා දකින පැත්ත . ඒක තමයි කාරක සභා ක්‍රමය තව දුරටත් තිබ්බොත් මීට වඩා සහාභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙනවා කියන එක.
ඒ නිසා මේ වෙනුවට කැබිනට් ආණ්ඩුක්‍රමය ගේන්න ඕන කියලා තමයි , සොල්බරි ආණ්ඩුක්‍රමය ඇති වුණේ . ඩොනමෝර් හා සොල්බරි , මේ දෙක අතර තියෙන ප්‍රධාන වෙනස මේකයි . හොඳට කෙරුනු කාරක සභා ක්‍රමය වෙනුවට අපි කැබිනට් ආණ්ඩු ක්‍රමයක් ඇති කළා . ආණ්ඩුවයි , විපක්ෂයයි එකට ඡන්දය දුන්න අවස්ථා ගණන් කරලා බලන්න, කැබිනට් ආණ්ඩු ක්‍රමය තුළ.
ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේදී , සභාගර්භය තුළ මොන විවේචන කළත් කාරක සභාවලදී එකතුවෙලා පනත් හදලා ඒ පනත් තමයි අදත් ක්‍රියාත්මක වන්නේ . අද තියෙන කම්කරු පනතත් එදා කාරක සභාවෙන් ආපු එකක් . ඒක හොල්ලන්න බෑ.”
0 Comments