මේ දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණය වන වාසුදේව මන්ත්‍රී වරයාගේ දුරකථනයෙන් පටිගත කර සමාජ මාධ්යට මුදා හැරියායි පවසන වීඩියෝව පිටුපස කුරුණෑගල ප්‍රදේශයේ හිටපු ප්‍රබල අමාත්‍ය වරයෙකු සිටින බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ හෙළිදරවු වෙමින් පවතී .
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කරවෙකු විසින් ව්යාජ ලෙස සකස් කරන ලද Whatsapp කණ්ඩායමක් මගින් මෙම වීඩියෝව නිර්මාණය කර ඇති බවත් .මෙය විමර්ශනය සදහා අපරාධ විමර්ශන ඒකකය වෙත දැනටමත් භාර දී ඇතිබව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට දැනගැනීමට ලැබිණ.
එම වීඩියෝව සහ ඔවුන් නිර්මාණය කල සංවාදය පහතින්
Watsapp උපුටා ගැනීමකි
"වාසුගේ දුරකථනය පටිගත කරයි.. දේශපාලන මෙහෙයුමට සල්ලි ගලන හැටි හෙළිවෙයි.
මේ රටේ අස්ථාවරත්වය සඳහා මුදල් බෙදන ගන්න ව්යාපාරිකයන්ගේ සහ දේශපාලකයන්ගේ වට්සප් කණ්ඩායමක වීඩියෝවක් අප වෙත එවා තිබේ.
එම දුරකථන අංක තුල මේ රටේ ප්රසිද්ධ ව්යාපාරිකයන් දෙදෙනෙකු සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ හිටපු ඇමතිවරුන් සහ මන්ත්රීවරුන්ගේ දුරකතන අංක තිබෙන බව අපට නිරීක්ෂණය වේ.. ඒ වගේම මේ වනවිටත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීන්ද, වත්මන් රාජ්ය ඇමතිවරුන්ගේ දුරකථන අංකද මේ සංවාදය තුල සටහන්ව තිබේ.
ඒ අනුව ජනපති ගෝඨාභයගේ ලඟම සිටින ව්යාපාරික හිත මිතුරන් විසින් පාර්ලිමේන්තුව අස්ථාවර කිරීමට මෙන්ම රාජපක්ෂ රෙජීමය අවසන් කිරීම සඳහා සිතා මතා මුදල් විසි කරමින් සහ, මන්ත්රී වරුන් මුදලට බිලී බා ගනිමින් කටයුතු කරන බව ඉතාමත් පැහැදිලි වන කරුණකි.
ශ්රී ලංකාවේ ප්රකට ව්යාපාරිකයන් වන දිලිත් ජයවීර, නිශ්ශංක සේනාධිපති, හිටපු අමාත්යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙන ටිරාන් අලස්, අසංක නවරත්න, වීරසුමන වීරවංශ, වෛද්ය වගේම වත්මන් රාජ්ය අමාත්යවරයෙක් වන ගුණපාල රත්නසේකරගේ දුරකථන අංක මේ කණ්ඩායම් සංවාදය තුල සඳහන්ව ඇත.
පහත ඇත්තේ එම සංවාදයේ සාරාංශයයි.
වාසුදේව නානායක්කාර : එය ස්ථිරද?
නිශ්ශංක සේනාධිපති : ඔව්. මහින්ද දැන් අඩියක් පසුපසට ගත යුතුයි. නැතිනම් අප විසින් මහින්දව අයින් කල යුතුයි.
විමල් වීරවංශ : ඔව් 99%ක්
අසංක නවරත්න :

දිලිත් ජයවීර : 100%ක් විශ්වාසයි. ඔබටත් 100%ක් විශ්වාසද?
උදය ගම්මන්පිල : ඔව්. 100%ක්
ටිරාන් අලස් : මීඩියා කැම්පේන් එක සූදානම්.. මම සියලුම දේවල් යවලා අවසන්..
උදය ගම්මන්පිල : ඔව් 




දිලිත් ජයවීර : 99%ක් ප්රමාණවත් නෑ.. එය 100% ක් විය යුතුයි.
වාසුදේව නානායක්කාර : මේ හැම දෙයක්ම දේශපාලනිකයි. ඒ නිසා ඔබට කියන්න පුලුවන් කමක් නෑ 100%ක් කියා.. නමුත් මම විශ්වාස කරනවා මේ ඔහුගේ දේශපාලනයේ අවසානය කියලා..
විමල් වීරවංශ : ඔබට මම වචනය දීලා ඇති.
නිශ්ශංක සේනාධිපති : දිලිත්, හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙනවා නේද?
දිලිත් ජයවීර : ඔව්, මම කියලා තියෙන්නෙ.. මුදල් ඉක්මණටම ලැබෙයි. පණිවිඩයක් ආපු විගස, මම කියන්නම් ..
වීරසුමන වීරසිංහ : මගේ ගිණුම් අංකය හරිද?
දිලිත් ජයවීර : විදෙස් ගණුදෙනු සියල්ල තහවුරුයි. වීරසුමනගෙ විතරක් කෙලින්ම ගිණුමකට යන්නේ..
වීරසුමන වීරසිංහ : අපි ඉතින් පොඩි මිනිස්සුනේ
දිලිත් ජයවීර : දේශීය ගිණුම් වලට සියළු මුදල් යවා අවසන්, නිශ්ශංක, ජාත්යාන්තරව වෙන ගණුදෙනු හරිද කියනවාද.. මගෙ කෙනා ඔයා දුන්න නම්බර් එකට සියලු විස්තර යැව්වා..
වීරසුමන වීරසිංහ : විනාඩි පහකට කලින් මුදල් ලැබිලා තිබ්බා.. ස්තූතියි
නිශ්ශංක සේනාධිපති : දිලිත්, විස්තර ලැබුනා.. ක්රියාත්මක කරන ගමන් මේ වෙලාවේ
වාසුදේව නානායක්කාර : මට ස්ථිර කරන්න පුලුවන්.. එය හරි.
දිලිත් ජයවීර : දෙකක් ට්රාන්ෆර් කලා. විමල් වීරවංශ, පරීක්ෂා කර බලන්න පුලුවන්ද?
විමල් වීරවංශ : පොඩ්ඩක් ඉන්න
නිශ්ශංක සේනාධිපති : අනිත් දෙක ට්රාන්ෆර් කරන්න මට පොඩි වෙලාවක් ඕන. ට්රාන්ෆර් එක වුන ගමන් කියන්නම්..
උදය ගම්මන්පිල : මගෙ එක කන්ෆර්ම් කරන්න බෑ.. එයාලට තාම පාන්දර. වැඩේ හරි ඇති. එයාලාගෙන් වචනයක් ආපු ගමන් මම දන්වන්නම්.. කවදාවත් නැති තරම් ශක්තිමත්ව ඉන්න. මම සඳහන් කරපු විදිහට අපි ඔහුගේ පාර බලෙන් හෝ හරස් නොකලොත් මේක තවත් අමාරු වෙනවා.. දැන් අවසන් නොකලොත් ආයේ අවසන් කරන්න වෙන්නෙ නෑ.. ජනාධිපතිතුමා අපේ පැත්තේ නිසා භය වෙන්න දෙයක් නෑ.
අසංක නවරත්න : මමත් චෙක් කරන්නද?
දිලිත් ජයවීර : ඔව් ඔව්
අසංක නවරත්න : ඉන්න
ගුණපාල රත්නසේකර : සමාවෙන්න පරක්කු වුනාට. දේශණයක හිටියේ. මටත් ඒ ප්රශ්ණයමයි. එයාලාට තාම පාන්දර. හෙට උදේම අහලා කියන්නම්.
අසංක නවරත්න : හරි, වැඩේ වෙලා.. ස්තිර වුනා අයියා.. ස්තූතියි 




නිශ්ශංක සේනාධිපති : අනෙක් ගණුදෙනු දෙක පරක්කු වේවි.. මම ඒකට වගකියනවා.. ඒ වගේම රාජපක්ෂ රෙජීමය එලවන්න, මගේ උපරිම සහයෝගය දෙනවා.. ඔවුන් සියළු දෙනා යා යුතුයි.
ගුණපාල රත්නසේකර : පුතා ස්ථිර කලා. මුදල් ගිණුම් ගත වෙලා තියෙනවා
විමල් වීරවංශ : දිලිත්, චෙක් කලා.. එය හරි.. ස්තූතියි..
කෙසේ වුවත් මේ මජර දේශපාලන ක්රමය නවතා දැමීමට, ජනපති ගෝඨා එලවා දැමීම වත්මන් ශ්රී ලාංකික ප්රජාවගේ පැහැදිලි වගකීමක් ලෙස අප දකිමු."
0 Comments