සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද පස්වරුවේ අවසන් විය.
දිනය නිමා වන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා පිල කඩුළු 5ක් දැවී ලකුණු 282ක් රැස්කර ගැනීමට සමත් විය.
දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 58ක් සහ දිනේශ් චන්දිමාල් නොදැවී ලකුණු 10ක් රැස්කර ගෙන සිටියේය.
නායක දිමුත් කාරුණාරත්න ලකුණු 80ක් රැස්කර ගැනීමට සමත් විය.
මීට අමතරව ඔෂධ ප්‍රනාන්දු ලකුණු 57ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 58ක් රැස්කර ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී ශකීබ් අල් හසන කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.
බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 365ක් රැස්කර ගත් අතර, ඔවුන් අද දිනය නිමා වන විට ද ලකුණු 83ක් ඉදිරියෙන් සිටීයි.


0 Comments