මේක විහිලුවක් ද? සියලු දෙනා ඉල්ලා අස්විය ගෙදරට වෙලා ඉන්න - මහේල තැබූ ට්විටර් සටහන

 


නියෝජ්‍ය කතානායක තනතුර සඳහා සුගිය බ්‍රහස්පතින්දා (05) ලලිත් තේරීපත්වූ රංජිත් සියඹලාපිටිය ඊයේ (06) දිනයේදී එම ධූරයෙන් ඉල්ලා අස්වුණා.

මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් මතුව ඇති මොහොතක ‍ශ්‍රී  ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

නියෝජ්‍ය කථානායක ධූරය සම්බන්ධයෙන් කනස්සල්ල පළකරමින් මහේල විසින් මෙම ට්විටර් පණිවිඩය නිකුත් කර තිබීම විශේෂත්වයක්.

"මේක විහිලුවක් ද? වත්මන් අර්බුදකාරී තත්ත්වය ඇතුල පාර්ලිමේන්තුවේනි යෝජ්‍ය කතානායකවරයා දෙවරක් ම ඉල්ලා අස්වීම කාලය සහ මුදල් නාස්ති කිරීම"බවයි ඔහු පවසන්නේ.

පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා ඉල්ලා අස්වී නිවසට වී සිටින ලෙසට මහේල එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ mumbai indians කණ්ඩායමේ ්‍රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කරමින් මහේල මේ වන විට ඉන්දියාවේ රැඳී සිටිනවා.

Post a Comment

0 Comments