ගසකින් දෙල් ගෙඩියක් හොරෙන් කඩාගෙන එය විකුණා ලබාගත් රුපියල් සීයක මුදලින් දරුවාට කෑමට දීම සඳහා හාල් කිලෝ බාගයක් මිලට ගත් කාන්තාවකට දෙල් ගසේ හිමිකරු බව කියන තැනැත්තෙකු පහරදී ඇත.
අදාළ කාන්තාව වැලිගෙපොල පොලිසියට පැමිණිල්ලක් සිදු කරමින් පවසා ඇත්තේ තමන්ට මෙම පහරදීම සිදුකරන ලද්දේ තම ඥාතියෙකු බවයි.
අසනීපයෙන් පසුවන තම කුඩා දරුවාට එදින ආහාරයට ගැනීමට කිසිවක් නොමැති වීම මත තම ඥාතියකුට අයත් දෙල් ගසකින් ගෙඩියක් කඩාගෙන එය රුපියල් සීයකට මිල කර හාල් කිලෝ බාගයක් මිලට ගත් බවද ඇය සඳහන් කර තිබේ.
0 Comments