ගෑස් හිඟය තවත් මාසයක්

මෙරට ගෑස් හිඟය තවත් මාසයක් පමණ පවතිනු ඇතැයි ලිට්රෝ සමාගම පවසනවා. තායිලන්තයෙන් ආනයනය කරන පළමු ගෑස් තොගය මේ මස අවසන් වීමට පෙර මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි එහි ප්‍රකාශකයකු සඳහන් කළේ. 

ගෑස් ගෙන්වන සියම් සමාගම සමග මෙම සතියේ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතයි. මෙරටට ගෑස් ගොඩබෑමට පෙර ගෑස් පිලිබඳ වාර්තාවන් ලබා දියයුතු බව ඔහු සඳහන් කළා. තායිලන්තයෙන් ආනයනය කිරීමට වසරකට අපේක්ෂිත ගෑස් ප්‍රමාණයමෙට්‍රික් ටොන් ලක්ෂ තුනක්. කෙසේ වුවද තායිලන්තයෙන් ගෑස් ගැනීම් ආරම්භ වුවද දැනට වෙළඳපොලේ පවතින මිලෙහි වෙනසක් සිදු නොවනු ඇතැයි ඔහු පැවසීය.


Post a Comment

0 Comments