කෝටි තුන්ලක්‍ෂයක් සල්ලි අච්චු ගහලා.. ලංකාව අති උද්ධමනයක..

 


වර්තමාන ආණ්ඩුව යටතේ රුපියල් කෝටි තුන් ලක්‍ෂයක මුදල් මුද්‍රණය කරනු ලැබීම හේතුවෙන් අධි උද්ධමනයක් ඇති වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

අද රට උද්ධමනයකට නොව අතිඋද්ධමනයකට මුහුණ දී තිබෙන බව ද ඒ මහතා පැවැසීය.

රට සංකීර්ණ ගැටලුකාරී අර්බුදයක් කරා ළඟා වෙමින් තිබෙන බවත් එසේ වුවහොත් විසඳුම් නැති තැනකට පත් විය හැකි බවද හෙතෙම සචහන් කලේය.

අද කළු කඩේ සිදුවන ආර්ථික උද්ධමනය කොහේවත් ලියවෙන්නේ නැතැයිද ඔහු පෙන්වා දෙයි.

කළු කඩේ ගෑස් සිලින්ඩරයක් රුපියල් තිස් දහසක් වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

Post a Comment

0 Comments