අද පාර්ලිමේන්තුව ඉතා තීරණාත්මකයි


අද පාර්ලිමේන්තුව ඉතා තීරණාත්මක බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී ිශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවට පැතිර යන ආරංචිය මෙයට එක් හේතුවක් වන අතර එය කුමන ආකාරයක කාරණාවක්ද වූ වග පිළිබඳව කිසිදු තොරතුරක් තවමත් වාර්තා වී නැත.

ඒ අතර ියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම හමුවේ පුරප්පාඩුව පවතින එම ධුරය සඳහා කෙනෙකු තෝරා ගැනීම ද අද සිද්ධ වීමට නියමිතයි.

සමගි ජන බලවේගය ඊයේ තීරණය කර තිබුන නියෝජ්‍ය කතානායක ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මහතාගේ නම යෝජනා කිරීමටයි.

Post a Comment

0 Comments