නව නියෝජ්‍ය කතනායක ධූරය සඳහා රහස් ඡන්දයක්

 නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීම සඳහා සිදු කරන රහස් ඡන්ද විමසීම මේ වන විට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.

ඒ නියෝජිත වරුන්ගේ හා කථානායකවරයාගේ සහභාගිත්වයෙන්.

මීට පෙර නියෝජ්‍ය කථානායක ධූරය හෙබවූ රංජිත් සියඹලාපිටිය තම අස්වීම ජනාධිපතිවරයාට බාරදුන් අතර, ජනාධිපතිවරයා එය භාර ගැනීමෙන් අනතුරුව හිස් වූ ධූරය සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්වෙන්නේ.

නව නියෝජ්‍ය කතනායක ධූරය සඳහා නිදහස් පක්ෂයෙන් නැවත රංජිත් සියඹලාපිටිය හා සමගි ජන බලවේගය ඉමිතියාස් බාකීර් මාකර් යෝජනා වී තියෙනවා.

Post a Comment

0 Comments