කුඩාවැල්ල ධීවර වරායේ ආරක්ෂක කුටියට ධීවරයන් පිරිසක් පහරදී තිබේ.
තංගල්ල මූලස්ථාන පොලිසිය පවසන්නේ තම ධීවර යාත්‍රා සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොලැබීමෙන් කුපිත වූ ධීවරයන් පිරිසක් මෙම පහර දීම සිදු කර ඇති බවය.
ඉන්ධන නවැතිව තම ධීවර යාත්‍රා ගමන් කිරීමට නොහැකි බව පවසමින් ඊයේ රාත්‍රියේ මෙසේ පහර දී අලාභ සිදුකර ඇත.
සිදුවීම පිලිබදව පොලිසිය වැඩිදුර විමර්ශන කරයි.


0 Comments