ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බස් ගාස්තු සංශෝධනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ බස් ගාස්තු 25% - 30% කින් ඉහළ දමන බවයි.
අද(24) ප්‍රකාශයට පත් කරන ලද ඉන්ධන මිල ඉහළ නැංවීමට අනුව මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.
ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අනාවරණය කිරීමෙන් අනතුරුවයි මෙම මිල සංශෝධනය සිදු කර ඇත්තේ.


0 Comments