හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුණා.
ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක් විසින් එම විරෝධතාවය පවත්වා තිබුණා. මැයි 09 වනදා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
අරගලකරුවන් විරෝධතාවයක් දක්වමින් සඳහන් කළේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අරගලකරුවන්ට පහරදුන් බවයි. ඒ සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරන ලෙස විරෝධතාකරුවන් සඳහන් කරනවා.


0 Comments