ලංකා IOC පිරවුම්හල් මගින් ද නිකුත් කරන ඉන්ධන අද සිට යළිත් සීමා කෙරේ..! එක් එක් වාහන සඳහා ඉන්ධන ලැබෙන අයුරු

 


ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද (24) ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගත්තේය.

නව මිල ගණන් ඉහළ දැමීමත් සමග ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වලදී රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් පිළිබඳව මේ වනවිට නිවේදනය කර තිබේ.

ඒ අනුව යතුරුපැදි සඳහා ඉන්ධන නිකුත් කිරීමේ නව සීමාව රුපියල් 2,500ක් දක්වා ඉහළ දමා ඇත.

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාව රුපියල් 3,000කි.

මෝටර් රථ, වෑන් රථ සහ ජිප් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමේ උපරිම සීමාව රුපියල් 10,000ක් වෙයි.

Post a Comment

0 Comments