ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරනු ලැබූ ව්‍යාපාරික ධම්මික පෙරේරා එළඹෙන ජූනි 21 දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තුව මෙම සතියේ දී රැස්වීමක් සිදු නොවන බැවින් මීළඟ පාර්ලිමේන්තු දිනය වන ජූනි 21 දා මොහු මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් පත්වීම් ලබනු ඇත.
ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 10 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
මේ අනුව ඔහු තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසින් දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තා වේ.
එම අමාත්‍යාංශයේ කාර්යයන් හා කර්තව්‍යයන්, ඊට අයත් දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සහ ක්‍රියාත්මක කළ යුතු නීති සහ අණ පනත් පහත පරිදි වනු ඇත.


0 Comments