ජුලි මස 22 දෙවැනි දින දක්වා තෙල් සංස්ථාවට පෙට‍්‍රල් නෞකාවක් සොයාගත නොහැකි බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කලේය.
ඊට පෙර ඉන්ධන නැවක් හෝ දෙකක් ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවද ඔහු පැවසීය.
ඩීසල් සදහා මුදල් තිබුනද රුසියා යුක්රේන අර්බුදය නිසා නැව් සොයා ගැනීමේ ගැටළුවක් ඇතැයිද ඔහු පවසයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පුවත්පත් කතුවරුන් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවක දීය.
0 Comments