ජූලි 22 තෙක් ඉන්ධන නැවක් නෑ…- සාගල

 


ජුලි මස 22 දෙවැනි දින දක්වා තෙල් සංස්ථාවට පෙට‍්‍රල් නෞකාවක් සොයාගත නොහැකි බව අග්‍රාමාත්‍ය උපදේශ සාගල රත්නායක මහතා සදහන් කලේය.

ඊට පෙර ඉන්ධන නැවක් හෝ දෙකක් ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවද ඔහු පැවසීය.

ඩීසල් සදහා මුදල් තිබුනද රුසියා යුක්රේන අර්බුදය නිසා නැව් සොයා ගැනීමේ ගැටළුවක් ඇතැයිද ඔහු පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පුවත්පත් කතුවරුන් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවක දීය.

එම සාකච්චාව අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වින.

Post a Comment

0 Comments