සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරගයේදි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නියමිත පන්දුවාර 49ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 258ක් රැස්කර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක අද සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත් විය.
ඔහුගේ එම ශතකයට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 10ක් ද ඇතුළත් වේ.
චරිත් අසලංකට අමතරව ධනංජය සිල්වා අද ලකුණු 60ක් ලබාගත්තේය.
ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 259 ක් රැස්කර ගත යුතු වේ.


0 Comments