කිලෝග්‍රෑම් 3.5ක හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

 


හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (02) පස්වරුවේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සහ පෑලියගොඩ ප්‍රදේශවලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (02) පස්වරුවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී හෙරොයින් කිලෝ 3යි ග්‍රෑම් 500ක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (03) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතිබව වාර්තා වේ. 



Post a Comment

0 Comments