ඉන්ධන පිරවුම්හල්වල සේවකයින්ට සහ එහි දේපළවලට නිසි ආරක්ෂාවක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී ඉන්ධන ඇණවුම් ලබා ගැනීමෙන් වළකින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ පවසයි.
සීමාසහිත ලෙස ඉන්ධන නිකුත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමත් සමඟ දින ගණනාවක් අඛණ්ඩව පෝලිම්වල සිටින පිරිස් ඉන්ධන නොලැබීම හේතුවෙන් කුපිතව කලහකාරී ලෙස හැසිරෙන අවස්ථා ගණනාවක් ඊයේ මෙන්ම අද දිනයේදීත් දැකගත හැකි වුණා.
මේ වනවිට පිරවුම්හල් 50 කට පමණ පහරදීම සිදුව ඇති බව ද ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළා.
එවැනි තත්ත්වක් දිගින් දිගටම පැවතුණහොත් ඉන්ධන පිරවුම්හල් වසා දැමීමට තීරණයක් ගත් බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ කියා සිටියේ.


0 Comments