විදේශ රටවල සිට මෙරට බැංකු පද්ධතිය වෙත ප්‍රේෂණය කරන අමෙරිකානු ඩොලර් ප්‍රමාණය මිලියන 54කින් ඉහළ ගොස් තිබෙන බව රජය පවසයි. ඒ අනුව බැංකු ක්‍රමය හරහා මෙරටට එවන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 54කින් ඉහළ ගොස් තිබෙන අතර එම මුදලින් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීමට හැකියාව තිබෙන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පවසයි. මේ වනවිට ශ්‍රී ලංකාවට ඩොලර් අවශ්‍ය වී තිබෙන බව පෙන්වාදෙන ඇමැතිවරයා අද වනවිට අපේ රට පහළටම වැටී තිබෙන බවද වැටුණු රට ගොඩනැඟීමට පක්ෂ, පාට භේදයකින් තොරව සියලු පාර්ශ්වයන් එක්විය යුතු බවද පෙන්වා දෙයි.


0 Comments