බයෝ ඩීසල් රටම රවටයි.. ලීටරයක් 800යි… ආනයනය වියදම ඩීසල්වලට වැඩියි..

 


ඇතිව තිබෙන ඉන්ධන අර්බුදයට ඩීසල් වෙනුවට බයෝ ඩීසල් නිෂ්පාදනය ප්‍රායෝගික නොවන දෙයක් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුචිර විජේසේන මහතා සඳහන් කරයි.

මේ දිනවල අන්තර්ජාලයේ ජනප්‍රිය වෙමින් යන බයෝ ඩීසල් නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් හෙතෙම මේ බව කියා සිටී.

ඔහු පෙන්වා දෙන්නේ බයෝ ඩීසල් ලීටරයක් නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට අවම වශයෙන් රුපියල් 800 ක මුදලක් වැය වනු ඇති බවයි.

එමෙන්ම බයෝ ඩීසල් නිෂ්පාදනයට අවශ්‍ය යෙදවුම් සියල්ලම පාහේ විදේශයන්ගෙන් ගෙන්වීමට සිදු වීම මත විදේශ විනිමය වැය වීම වැඩිවන බවත් එය ඩීසල් ආනයනයටත් වඩා වැඩි මුදලක් බවද හෙතෙම කියා සිටී.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඒ මහතා මෙම අදහස් පල කර ඇත.

Post a Comment

0 Comments