ගසකින් බිමට වැටි පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට…

 


ගසකින් බිමට වැටි පාසල් සිසුවෙක් (12) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.

මෙසේ ගසකින් බිමට වැටි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මස්කෙලිය පොලිස් වසමට අයත් බ්‍රවුන්ලෝ වත්තේ පදිංචි එස්.ජි.දිලුක්ෂාන් නැමති (14) හැවිරිදි පාසල් සිසුවෙකි.

පාසල් සිසුවා සිය නැන්දණිය සමග (12) දින දහවල් දර කැඩිමට ගොස් ඇති බවත්,මිය ගිය සිසුවා අඩි 08 පමණ උසකින් යුත් වැඩමින් පැවති යුකෙලෙප්ස්ටික් කුඩා ගසකට නැග ගසක අත්තක් කපමින් සිටින අවස්තාවේදි ගස සමග සිසුවා බිමට වැටිමෙන් පාසල් සිසුවා එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය කියා සිටියේ.

ගසෙන් බිමට වැටුණු සිසුවාගේ හිසට බරපතල ලෙස තුවාල සිදු වි ඇති බවත්, මිය ගිය සිසුවා මස්කෙලිය සමන්එළිය මහා විද්‍යාලයේ 09 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකු බවත්, මිය ගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවයි මස්කෙලිය පොලිසිය කියා සිටියේ.

Post a Comment

0 Comments