පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ ව්‍යාපාරිකයෙකුට වෙඩිතැබීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය කඩවත නගරය ආසන්නයේදී ඇවිදින මංතීරුව අසල දමාගොස් තිබියදී හමුවූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත.
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ ඊයේ (21) මෝටර් රථයකින් පැමිණ නාඳුනන තුවක්කුකරුවෙකු ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා පලාගොස් තිබුණි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ මෙම ව්‍යාපාරිකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.


0 Comments