ගැබිණි මවුවරුන්ට දැනුම්දීමක්

 


රට තුළ පවතින තත්වය හේතුවෙන් ගර්භනී මව්වරුන් රෝහල්ගත වීමේදී ප්‍රසූත වේදනාව උත්සන්න වන තෙක් නොසිටිය යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.

ඉන්ධන නොමැතිව රෝහල් ගතවීම ප්‍රමාද වීම නිසා සිය තුන්වන දරුවා නිවසේදී බිහි කළ මවක් පිළිබද පුවතක් ඊයේ (26) නිකවැරටිය ප්‍රදේශයෙන් වාර්තා විය.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යා විභූෂණ සඳහන් කළේ සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පළමු දරුවා බිහිකළ මව්වරුන්ට දෙවන දරුවා බිහි කිරීමේ දී ප්‍රසූත කාලය ඉතා අවම විය හැකි බවයි.

එම නිසා ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ප්‍රසූත වේදනාවක් පිළිබඳ ඉඟියක් ලද වහාම රෝහල්ගත වීමට මවුවරුන් සැලකිලිමත් විය යුතු බවයි.


Post a Comment

0 Comments