ඊශ්‍රායලය පමණක් නොව අපටත් ආධාර දෙන්න.. නැතොත් රුසියාව අප සමතලා කරාවි..- යුකේ‍්‍රන ජනපති

 

මේ මොහොතේ ඊශ්‍රායල පලස්තීන අර්බුදය නිසා යුක්‍රේන ගැටුම පිළිබඳ ඇති ලෝක අවධානය ගිලි හී ගොස් ඇති බව යුක්‍රේන ජනාධිපති වෝලදොමීර් සෙලෙන්ස්කි පවසයි.

එනිසා ඊශ්‍රායලයට පමණක් නොව තම රටට ද ආධාර ලබා දෙන්නැයි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සදහන් කලේය.

තම රටට ලෝකයේ අවධානය නැවතත් යොමුවිය යුතු බව නෙටෝ සංවිධානයේ ආරක්ෂක හමුවට එක්වෙමින් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී ඔහු කියා සිටියේය.

ඉදිරි ශීත සෘතුවේදී රුසියා ප්‍රහාරවලට සාර්ථකව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට නම් තවත් අවි ආයුධ අවශ්‍ය බවත් හෙතෙව අවධාරනය කරයි.

Post a Comment

0 Comments