දුම්රිය දෙකක් ධාවනයෙන් ඉවත් කෙරේ

 


නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වන 1023 සහ 1024 යන දුම්රියන් ධාවනයෙන් ඉවත් කිරීමට දුම්රිය පාලන අධිකාරිය තීරණය කර තිබේ.

නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ දක්වාත් කොළඹ සිට නානුඔය දක්වාත් දිනපතා ධාවනය වන මෙම දුම්රියන් ජූලි (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි ධාවනයෙන් ඉවත් කෙරෙන අතර එම වේලාවට මැදිරි දෙකක් සහිත භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් දෙකක් ධාවනයට එක් කර තිබේ.

නානුඔය දුම්රිය ස්ථානයෙන් දිනපතා උදැසන 6ට (1023) ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 1.30 ට කොළඹ කොටුවට ළඟා වන අතර එදින පස්වරු 12.40ට (1024)  දුම්රිය කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර රාත්‍රි 9.20ට නානුඔය දුම්රිය ස්ථානයට ළඟා වෙයි.

නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ එම දුම්රියන් මගින් නුවරඑළිය සංචාරය කොට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් යළි පැමිණෙන අතර සංචාරකයන්ට අමතරව පාසල් ළමුන්,රාජ්‍ය සේවකයන් එම දුම්රියෙන් ගමන් කරන බවයි.

තලවකැලේ සිට නානුඔය දක්වා ඇති සැම දුම්රිය ස්ථාන අවට කිසිදු පොදු ප්‍රවාහන සේවයක් ධාවනය නොවන නිසා එම දුම්රියෙන් වටගොඩ , ග්‍රේට්, වෙස්ටර්න් , රදැල්ල යන දුම්රිය ස්ථානවලට යාම සහ ඒමට විශාල පිරිසක් පුරුදු වී සිටි බව දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් එම නානුඔයට දුම්රියෙන් ගමන් ගත් මගීන් කියා සිටින්නේ 1023 සහ 1024 දුම්රියන් ධාවනයෙන් ඉවත් නොකරන ලෙසයි.


Post a Comment

0 Comments