ඉන්ධන හිඟය නිසා භයානක වසංගතයක් පැතිර යයි

 


නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු මදුරු කීට ඝනත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ත් නමුත් ඉන්ධන හිඟය හේතුවෙන් ඩෙංගු මර්දන කටයුතුවලට ද බාධා මතුව ඇති බව ත් රජයේ කීට විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති, නජිත් සුමනසේන පවසයි.

හෙතම මේ බව සඳහන් කළේ රජයේ කීට විද්‍යාඥයින්ගේ සංගමය දිවයින පුරා කළ සමීක්ෂණයකින් හෙළි වූ කරුණු පිළිබඳ දැනුම්වත් කිරීමේ සැසියකට එක්වෙමිනි.

රටතුළ පවතින ඉන්ධන හිඟය නිසා බොහෝ ප්‍රදේශවල ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක් පවතින බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ, ඩෙංගු ව්‍යාප්තිය පාලනය නොකළ හොත් එය අධිවසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

රට තුළ පවතින සාමාජ , ආර්ථික අර්බුදකාරී වාතාවරණය හරහා හටගෙන ඇති දැඩි ඖෂධ හිඟය මෙන්ම මහජනතාවගේ අවධානය ගිලිහීයාම යන කරුණු හේතුවෙන් මෙම වර්ෂයේ ඩෙංගු රෝගය නිසා සිදුවන වළක්වාගත හැකි මරණ ප්‍රමාණය ඉහළ යනු ඇති බවට ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

Post a Comment

0 Comments