දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ගහණය ඉහළ ගොස් සිටින විදේශීය සතුන් පින්නවල නව සත්වෝද්‍යානයට යොමු කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරින් සමග කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර කරන ලද සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන තිබේ.
පින්නවල සත්වෝද්‍යානයේ විශාල ඉඩකඩක් තිබුණත් තවමත් එම උද්‍යානය මහජන ආකර්ෂණයට ලක් නොවීමට හේතුව කුමක්දැයි අමාත්‍යවරයා කළ විමසීමකදී දැනට එම සත්වෝද්‍යානයේ දේශීය සතුන් ඇතත් විදේශීය සතුන් නොමැතිවීම ඊට හේතුව බව නිලධාරිහු පෙන්වා දී තිබේ.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සතුන් හුවමාරු වැඩසටහන අත්හිටුවීමෙන් පසුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවුණත් ඉදිරි කාලය තුළ නැවතත් සතුන් හුවමාරු වැඩපිළිවෙළ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
මේ අතර සත්වෝද්‍යානවල සතුන්ට ආහාර සැපයීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන හිඟය නිසා සතුන් රැකබලාගැනීම සඳහා ආරම්භ කළ දායකත්ව කැපකරු වැඩපිළිවෙළට විශාල පිරිසක් මේ වනවිට දායකත්වය සපයා ඇති බව මෙහි දී හෙළිවිය.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් රිදියගම අක්කර 20ක සතුන් සඳහා අවශ්‍ය ආහාර වගා කිරීමේ ගොවිපොළක් ද අලුතින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ


0 Comments