නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

 


තමන්ට කිසිදු රාජ්‍ය ආයතනයකට සේවකයන් හෝ නිලධාරින් පත් කිරීමට බලයක් පවරා නොතිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරන්නේ අදාළ චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන බවයි.

රාජ්‍ය ආයතනවලට නිලධාරින් පත් කිරීම ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවක් මගින් සිදුකළ අතර, තමන් දැරූ අමාත්‍යාංශවලට නිලධාරින් පත් කිරීම ද එම කමිටුව මගින් සිදුකළ බව ඔහු ප්‍රකාශ කරනවා.

Post a Comment

0 Comments