ඉන්ධන නෑ… රජයේ සේවකයන් කැදවීම තවත් සීමා කරයි.. චක‍්‍රලේඛය නිකුත් කරයි..

 


රාජ්‍ය ආයතන ප්‍රධානීන් විසින් නිලධාරීන් සේවා ස්ථානය වෙත කැඳවීම සම්බන්ධයෙන් තීරණය කිරීමේදී ආයතනයේ එදිනෙදා රාජකාරි කටයුතු බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් සේවා ස්ථානය වෙත කැඳවීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන වන චක්‍රලේඛ ඊයේ  (26 ) නිකුත් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පී. කේ මායාදුන්නේ මහතා කියා සිටියේය.

අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ හැකි සෑම අවස්ථාවකදීම නිලධාරීන්ට නිවසේ රැඳී සිටීමට ඉඩ දී ඔවුන්ගේ සේවය මාර්ගත ක්‍රමය (online) ඔස්සේ ලබාගැනීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දුන් බවයි.

එදිනෙදා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ දී මහජනතාව මුහුණ පා සිටින ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය සේවාව වලට වඩා වැඩි ඉල්ලුමක් ලබාදීම වෙනුවෙන් නැවත දැනුම් දෙන තුරු මෙම නව චක්‍රලේඛය ක්‍රියාත්මකයි.

මහජනතාව සමඟ සෘජුව ගනුදෙනු කරන ආයතන වෙත නිලධාරීන් කැඳවීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට අදාල අමාත්‍යාංශ ලේකම්ගේ / පළාත් ලේකම් ගේ උපදෙස් සහ අධීක්ෂණය ඇතිව සිදු කිරීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුයි.

ඒ අනුව මෙම කාලය තුළ උපරිමයෙන් ඉන්ධන පිරිමසා ගත හැකි ආකාරයට නිලධාරීන්ගේ ප්‍රවාහන කටයුතු සීමා කළ යුතු අතර සියලු රැස්වීම් සහ සාකච්ඡා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීමට කටයුතු කළ යුතුයි.

රාජ්‍ය පරිපාලන වන චක්‍රලේඛන තුලින් වැදුරටත් සඳහන් කර ඇත්තේ රජයේ අත්‍යවශ්‍යය සේවාවන් පවත්වාගෙන යාමට මෙයින් බාධාවක් නොවිය යුතු බවයි.

Post a Comment

0 Comments