අද සිට පාලන මිලට සහල්


අද (19) දිනයේ සිට තමා ඇතුලු සියලුම සහල් නිෂ්පාදකයින් රජයේ පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කළයුතු බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන පැවසීය.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ කුමන ගැටලුවක් පැවතිය ද හෙට දිනයේ සිට තමන් රජයේ පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කරන බවය.

අනෙකුත් සහල් ව්‍යාපාරිකයින් ද එම මිලට සහල් නිකුත් කළයුතු බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේනමාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

Post a Comment

0 Comments