ආර්ථික පැරදුම හමුවේ ලංකාවට තවත් ජයග්‍රහණයක්

 


ඔස්ලෝ නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් සියය ඉසව්වට සහභාගී වූ ශ්‍රි ලංකාවේ ධාවන ශූර යුපුන් අබේකොන් හට එම ඉසව්වේ 5වන ස්ථානය හිමි වී ඇත.

තත්පර 10.16ක කාලයකින් ඔහු එම ඉසව්ව නිම කර තිබේ.

තත්පර 10.05කින් තරගය නිම කළ කැනඩාවේ Andre De Grasse එම ඉසව්වේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්විය.

එම ඉසව්වේ දෙවන ස්ථානය බ්‍රිතාන්‍යයේ Reece Prescod සහ තෙවන ස්ථානය දකුණු අප්‍රිකාවේ Akani Simbine හිමිකරගෙන ඇති බවට වාර්තා වයි.

Post a Comment

0 Comments