ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ කොළඹ ජනාධිපති කාර්යාලය අසල උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි.
ඒ අරගලකරුවන් පිරිසක් ජනාධිපති කාර්යාලයේ ගේට්ටු ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරීමත් සමගය.
එම අවස්ථාව සඳහා දහසක පමණ අරගලකරුවන් පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙයි.
කෙසේවෙතත් මේ වනවිට හමුදා භට පිරිස් යොදවා ජනාධිපති කාර්යාලයේ ආරක්ෂාව තරකිරීමට ද පියවර ගෙන තිබේ.
අරගලකරුවන් විසින් ජනාධිපති කාර්යාලයේ සියලු පිවිසුම් අවහිර කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් මාර්ගයේ පිහිටි සෙසු පිවිසුම් දෙකද අවහිර කරමින් අට්ටාල ඉදිකර තිබෙන බවයි පොලිසිය පැවසුවේය.
විරෝධතාකරුවන් පවසන්නේ අද (20) දිනයේ සිට අරගලයේ දෙවන අදියර ආරම්භ කරන බවයි.


0 Comments