සිංගප්පූරුවේ සහ දකුණු කොරියාවේ මන්කිපොක්ස් වසංගතය පිළිබඳ තහවුරු වූ සහ සැක සහිත රෝගීන් වාර්තා වී ඇති බව දෙරටේ සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
මෙම වසරේ අග්නිදිග ආසියාවෙන් වෛරස් රෝගය පැතිරීම වාර්තා වූ පළමු අවස්ථාව ලෙස විදේශයකින් පැමිණි මන්කිපොක්ස් ආසාදිතයෙකු සිංගප්පුරුව තුළ තහවුරු කර ඇති බව සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.
ජුනි 20 වැනි දින ධනාත්මක බව පරීක්‍ෂා කළ රෝගියා 42 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන අතර ගුවන් සේවකයෙකු ලෙස සේවය කරන ඔහු ජුනි මැද භාගයේදී පමණ සිංගප්පූරුවට සහ ඉන් පිටතට පියාසර කර ඇති අයෙකි.
ඔහු සිංගප්පූරුවේ බෝවන රෝග පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ වාට්ටුවක ස්ථාවර තත්ත්වයේ පසුවන බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
අඟහරුවාදා වනවිට මෙම පුද්ගලයාගේ සමීප සම්බන්ධතා 13ක් හඳුනාගෙන ඔවුන් ඔහු සමග අවසන් වරට සම්බන්ධ වූ දින සිට සියලු දෙනා දින 21ක නිරෝධායනයකට ලක්කර ඇති අතර බලපෑමට ලක් වූ ගුවන් ගමන් සඳහා සහ එම පුද්ගලයා සිංගප්පූරුවේ රැඳී සිටි කාලය සඳහා සම්බන්ධතා සොයා ගැනීම සිදු වෙමින් පවතී.
දකුණු කොරියාව ප්‍රකාශ කළේ පළමු වැනි මන්කිපොක්ස් රෝගීන් දෙදෙනා රට තුළ වාර්තා වී ඇති බවත් රෝග විනිශ්චය පරීක්ෂණ පවත්වන අතර පරීක්ෂණ අවසන් වූ පසු සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමක් සිදුකරන බවත් ය .


0 Comments