විදේශ ශ‍්‍රමිකයන්ට තීරුබදු රහිත වාහන බලපත‍්‍රයක්…

 


නීත්‍යානුකූලව මාර්ගයෙන් මුදල් ශ්‍රී ලංකාවට එවන විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයන් ඔවුන් විසින් ප්‍රේෂණය කරන මුදල සලතා ප්‍රතිආරෝපණ දෙමුහුන් වාහනයක් ආනයනය කිරීමට බලපත්‍රයක් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

මේ වන විට වාහන ආනයනය කර ඇති බැවින් මේ වන විට විශේෂ අවසරය විදේශගතව සේවය ශ්‍රමිකයන්ට පමණක් හිමිවන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ බැංකු මාර්ගයෙන් විදේශ ප්‍රේෂණ කරන මුදල් ප්‍රතිශතය අනුව ඉතා අඩු පොළි ප්‍රමාණයක් මත ණය දීමේ වැඩසටහනක් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සමඟ සාකච්ඡා කර සකස් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශගත ශ්‍රමිකයන්ගේ නිවාස සිහිනය සැබෑ කිරීමට කටයුතු කරන බවද මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Post a Comment

0 Comments