ත්‍රිරෝද රථයකට වංචනික ලෙස ඉන්ධන ලබාගන්නා ආකාරය දැක්වෙන විඩියෝවක් ඊයේ (25) සමාජ මාධ්‍යවල සංසරණය වී තිබුණි.
එහි දැක්වුණේ වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් ලබාගත හැකි පරිදි ත්‍රීරෝද රථයේ ඇතුළත බූලියක් භාවිත කරමින් අතිරේක ටැංකියක් සකස් කර ඇති බවය.
මේ අතර මාතලේ දිස්ත්‍රිකයේ ඉන්ධන පිරවුම්හල් පරීක්ෂාවට ලක් කිරීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරින් අද කටයුතු කර තිබුණි.
එහිදී ඉන්ධන අවසන් බව පවසමින් ජනතාව යළි හරවා යවා තිබූ මාතලේ උකුවෙල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් පරීක්ෂාවට ලක් කිරීමේදී අනාවරණ වී තිබුණේ පෙට්‍රල් ලීටර් 1,400ක් හා ඩීසල් ලීටර් 1,600ක් එහි සඟවා ඇති බවය.


0 Comments