ජාතික නිවාස සංවර්ධන අධිකායේ නව සභාපති ලෙස රජීව් සූරියආරච්චි පත් කර ඇතැයි වාර්තා වේ.
රජීව් සූරියආරච්චි මින් පෙර ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ උප සභාපති ලෙස කටයුතු කළේය.
ජාතික නිවාස සංවර්ධන අධිකායේ සභාපති ලෙස කටයුතු කළ දුමින්ද සිල්වා පසුගිය ජුනි 01 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමත් සමග ජාතික නිවාස සංවර්ධන අධිකායේ සභාපති තනතුර පුරප්පාඩු විය.


0 Comments